යාපනය, මාදගල් කුසුමන්තුරෙයි වෙරළ තීරයේදී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරන ලදී.

අද (27) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 35ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් පමණ ඇතුළත් බව ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, කිලෝග්‍රෑම් පහක පැකට් ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම උතුරු මුහුදු තීරයේදී පළමු වරට සිදුවූ බවත්, මෙය මෑත ඉතිහාසයේ උතුරු ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් බවත්ය.

මෙම මත්ද්‍රව්‍ය උතුරේ තරුණ ප්‍රජාව සහ ජනතාව අතරට පැමිණියේ නම් විශාල සමාජීය බලපෑමක් ඇතිවිය හැකිව තිබූ බවද ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුහුදු මාර්ග වෙනස් කරමින් සිදුකරන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා උතුරු හා දකුණු මුහුදු තීරයන් ආවරණය වන පරිදි නාවික හමුදා මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කර ඇති බවද අරුණ ජයසේකර වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>