ශ්‍රී ලංකාවට වැඩිපුර ආදායම ලැබෙන්නේ මැදපෙරදිග රටවල් වෙතින් වන අතර, එහි යුධමය තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇතිවිය හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) දින රජයේ ප්‍රවෘති දෙපාර්තමෙන්තුවේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.
අපයන වෙළඳපොළ සහ අපේ ප්‍රේෂණවලට බලපෑම් ඇතිවිය හැකි බවත්, තවම ස්ථාවර තීන්දු ගන්න කාලය නොවන අතර, රජය සමීප නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ලෝක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ආර්ථික කටයුතු සිදුකරමින් පවතින අතර, පෞද්ගලික අංශය සමඟ එක්ව සහය දෙන බවත් නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය ‘webnews’ Youtube නාලිකාව හරහා නැරඹිය හැකිය. >>>>>>>>





