ඩිලාන් ප්‍රනාන්දු, පාරිභෝගික අධිකාරියේ හිටපු පරිගණක අංශ ප්‍රධානියා ලෙස, රුපියල් ලක්ෂ 100කට වඩා වියදම් කරමින් හඳුන්වා දුන් “1977” නමැති පද්ධතියක් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේ පද්ධතියට කිසිදු නිසි අනුමැතියක් නැති අතර එය රු. 5,000ක් වත් වටිනාකමක් නැති තාක්‍ෂණික ව්‍යාපෘතියක් බවත් ඔප්පු විය. මෙම පද්ධතිය හඳුන්වා දී තිබුණේ ජනතාවගේ පැමිණිලි කළමනාකරණය කිරීම සඳහා වූ නමුත් එය කිසිදු tracking, response, හෝ user-friendly හැකියාවක් නොමැති, SLT call recording system වගේම පොඩිම පහසුකමක් පමණක් ඇති ව්‍යාපෘතියක් බවද තහවුරු වේ. මේ සඳහා අභ්‍යන්තර විගණන වාර්තාවක් මඟින් ද හෙළිදරව් කර ඇති නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මෙය මහා වංචාවක් සහ රාජ්‍ය මුදල් අපචාරයකි. ජනතාවගේ බදු මුදල්, ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය, මෙවන් ව්‍යාපෘතිවලින් නාස්ති කරමින් සිටින බවත්, සියලු රාජ්‍ය නිලධාරීන් මේ වංචා වලට එරෙහිව එකතුවිය යුතු බවත්, “system change” එකක් සිදු කළ යුතු බවත් ප්‍රකාශ කර සිටියි.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>>>>