ඇතැම් අපරාධවල සාක්ෂි විනාශ කර හෝ නැතහොත් සාක්ෂිකරුවන් විනාශ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඒ අද (11) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
සාක්ෂි පිළිබඳව විමර්ශනය කරන නිලධාරීන් විවිධ තැන්වලට ස්ථාන මාරුකර යවා ඇති බවත්, නැත්නම් ඔවුන් හට මෙරට ජීවත් වන්නට නොහැකි තත්ත්වයක් ඇති කර තිබුණු බවඅමාත්‍යවරයා සඳහන් කළේය.
කිසිදු සාධාරණ හේතුවකින් තොරව, අපරාධ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටි නිලධාරීන් 700 කට අධික සංඛ්‍යාවකට එකවර විදෙස්ගත වීම තහනම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය 09 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීමටද සිදු වූ බවත් මෙහිදී එතුමා ප්‍රකාශ කරන ලදී.
එසේම පෙර සිටි පාලකයන් සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇත්නම් වෙන මාර්ගයකින් හෝ යළිත් සාක්ෂි පිළිබඳ විමර්ශනය කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කරන ලදී.






