පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල පෙරහර තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් එවැනි ප්‍රකාශයක් සිදු කිරීම ජාතියේ අධ්‍යාත්මය, ඉතිහාසය සහ සංස්කෘතික උරුමය විනාශ කිරීමට උත්සාහ කිරීමක් ලෙස හැඟෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය භාරදීමේ අවස්ථාවේදීය.

ශ්‍රී දළදා පෙරහර වැනි උතුම් ඓතිහාසික මංගල්‍යයක් දේශපාලන වේදිකාවක සාකච්ඡාවට හෝ තර්කයකට ගත යුතු කරුණක් නොවන බවත් දේශපාලන වේදිකාවල පවතින ගැටුම් හා අරමුණු වෙනුවෙන් මෙවැනි ඓතිහාසික උරුමයන් භාවිත නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එබැවින් ඉදිරියේදී කිසිදු දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැන නොනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>