ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජගත වන තරුණ තරුණියන් සඳහා නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ක්රියාත්මක “දිවියට සවියක්” නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්විය.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ දරුවන් ජාතියේ නිධානයක් වන අතර, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්රමුඛ වගකීමක් බවය.
2026 අයවැයෙන් වෙන් කළ ප්රතිපාදන යටතේ ක්රියාත්මක මෙම වැඩසටහනින් ළමා සංවර්ධන මධ්යස්ථානවල සිට සමාජගත වූ වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ට නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක ආධාරයක් ලබාදීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසීය.
බස්නාහිර පළාතේ ප්රතිලාභීන් වෙත ප්රතිලාභ පිරිනැමීමටද මෙහිදී කටයුතු කර ඇති අතර,
මෙම වැඩසටහන වෙනුවෙන් කැපවී කටයුතු කරන කාන්තා සහ ළමා කටයුතු අමාත්යාංශය, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා සිය ඇගයීම පළ කරන ලදී.




