දරුවන්ට වස විසෙන් තොර පලතුරු ලබාදීමේ අරමුණින් මාස හයක විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ පැවසීය.
අමාත්යවරයා සඳහන් කරන ලද්දේ පාරිභෝගික විශ්වාසය යළි ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණක් වගය.
පලතුරු අස්වනු නෙළීමේ සිට පාරිභෝගිකයා වෙත ළඟාවීම දක්වා ක්රියාවලිය සම්බන්ධයෙන් ගොවීන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් දැනුවත් කිරීමටද කටයුතු කරන බව ඔහු පැවසීය.
අමාත්යවරයා සඳහන් කරන ලද්දේ පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීමෙන් රට පුරා පලතුරු වෙළෙඳසල් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් ඒවා සිතියම්ගත කිරීමට සැලසුම් කර ඇති අතර, නියමිත ප්රමිතීන් සපුරන වෙළෙඳසල් සඳහා ලබන මාර්තු වනවිට සහතිකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවය.
එම සහතිකය හිමි වෙළෙඳසල් QR කේතයක් මගින් හඳුනාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමටද කටයුතු කරන බවද ප්රකාශ කළේය.
වස විසෙන් තොර පලතුරු දරුවන්ට ලබාදීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්ය බවද අමාත්ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




