තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවට සුවිශේෂ වගකීමක් පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
රුහුණ විශ්වවිද්‍යාලයේ “සමාජවිද්‍යා දිනය” ප්‍රධාන දේශනය කරමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිපත්ති සම්පාදනය හා සමාජ පර්යේෂණ මගින් සෘජු දායකත්වයක් ලබා දිය යුතු බවයි.
“සුබසාධනයේ සිට සවිබලගැන්වීම දක්වා” යන තේමාව යටතේ දේශනය පැවැත්වූ ඔහු, දිළිඳුකම තුරන් කිරීම සඳහා පසුගිය දශකවල භාවිත වූ උපාය මාර්ග සහ ඒවායේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය පිළිබඳවද අවධාරණය කළේය.
එමෙන්ම වර්තමාන “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳවද ඔහු සභාව දැනුවත් කළ අතර, තිරසාර සංවර්ධන ඉලක්ක සහ අව වරප්රසාදිත ජනතාව සවිබලගැන්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

