ඊයේ දින (18) ගොතටුව, වෙට්ලන්ඩ් පාර්ක් ප්‍රදේශයේ සමාජවාදී කාන්තා සංගමයේ මූලිකත්වයෙන් පැවති තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ‍ලෙස පැමිණියේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාය.

පැමිණ සිටි පිරිස අමතමින් ඔහු විසින් අදහස් ප්‍රකාශ කරනු ලද්දේ ජාතික සමඟිය ගෙන එන විට, වසර ගණනාවකට පෙර පරාජය කරනු ලැබූ ජාතිවාදි කල්ලි දැන් කලබල වෙන්න පටන්ගෙන ඇති බවත් ආගමික ස්ථාන පදනම කරගෙන, නැවත ජාතිවාදය ඉදිරියට රැගෙන ඒමට උත්සාහ ගන්නා බවත්ය.

පුරවැසියන් විදියට එකතු වී මෙම ජාතිවාදී අදහස් පරාජය කිරිම අපගේ වගකීම බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ.

එම අදාළ වීඩියෝව අපගේ webnews youtube චැනලය හරහා දැන් නැරඹිය හැකිය.