මේ වන විට ලෝකය පුරාම පවතින බලශක්ති අර්බුදය ශ්‍රී ලංකාවටද බලපා ඇති බැවින් ජලය සහ විදුලි බලය සුරක්ෂිතව භාවිතා කිරීම සදහා අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය චන්දන අබේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලටද අනවශ්‍ය විදුලි පරිභෝජනය අවම කිරීමට උපදෙස් ලබා දී ඇති බවද එතුමා සඳහන් කරන ලදී.

අම්මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ ගෝලීය බලශක්ති අර්බුදය සමනය වන තුරු රටක් සහ ප්‍රජාවක් හැටියට එකමුතුවෙන් මෙම වැඩසටහනට අනුගත විය යුතු බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>