යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් සම්මත කරගැනීමට හැකියාවක් ඇත්නම් එය සිදුකරන ලෙස සිවිල් ක්‍රියාකාරික සුදත්ත තිලකසිරි මහතා ඉල්ලා සිටින ලදී.
ඔහු සඳහන් කරන ලද්දේ, තමන් විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකට ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, ඉන් සියයට 90කට ආසන්න පිරිසක් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පළ කළ බවය.
ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා රුපියල් කෝටි ගණනක මහජන මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, ජනතාවගේ කැමැත්ත පවතින බව පැහැදිලි නම් එවැනි වියදමක් දැරීම අනවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
2024 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම මත ආණ්ඩුව බලයට පත්වූ බවත්, අධිකරණය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් සුදත්ත තිලකසිරි මහතා පැවසීය.
ඒ අනුව, ජනතා මුදල් නාස්ති නොකර අදාළ සංශෝධනය කඩිනමින් සම්මත කරගැනීමට මැදිහත් වන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඉල්ලා සිටියේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>




