චීන විදේශ අමාත්‍ය ‘වැන්ග් යී’ අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම පිළිබඳ සොයා බැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් දැනුම් දීම බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියා.
දකුණු අප්‍රිකානු සංචාරය අවසන් කර යළි චීනය බලා යන අතරවාරයේ චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබුණා.






