පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හරහා වින්දිතයන්ට සාධාරණත්වය සහ සත්යය හෙළිදරව් වනු ඇතැයි සිරිල් ගාමිණී පියතුමා ප්රකාශ කරන ලදී.
උන්වහන්සේ පෙන්වා දෙනු ලැබූයේ, ඕනෑම වින්දිතයෙකුට තමන්ට හෝ තම ඥාතීන්ට සිදුවූ විපත සිදුවූ ආකාරය සහ ඒ පිටුපස සිටි පාර්ශ්වයන් පිළිබඳව දැනගැනීමට අයිතියක් ඇති බවය.
වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීමේ එක් කොටසක් ලෙස නඩු කටයුතු හරහා යම් සහනයක් ලැබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහ පාලන සමයන් තුළ පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශන ඇනහිට තිබූ බවත් විමර්ශන සිදු කළ කණ්ඩායම්වල නිලධාරීන් මාරු කිරීම ඇතුළු කරුණු හේතුවෙන් එම ක්රියාවලියට බාධා එල්ල වූ බවද උන්වහන්සේ පැවසීය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ක්රියාත්මක වී ඇති බව සඳහන් කළ උන්වහන්සේ, එම විමර්ශන කටයුතු විනිවිදභාවයෙන්, සාධාරණව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන ගියහොත් සත්යය හා සාධාරණත්වය ළඟා කරගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කළහ.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




