කෘත්රිම බුද්ධි තාක්ෂණය හමුවේ එයට හුදෙක් අනුවර්තනය වන පුරවැසියන් වෙනුවට, එම තාක්ෂණික පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වන පරපුරක් නිර්මාණය කිරීම අවශ්ය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළේය.
ජාතික විද්යා පදනම විසින් කොළඹදී සංවිධාන කළ “විද්යා ප්රවර්ධනය උදෙසා වන NSF සම්මාන උළෙල – 2026” අමතමින් ඇය සඳහන් කරන ලද්දේ, කෘත්රිම බුද්ධිය මිනිසුන් ජීවත් වන, වැඩ කරන, සන්නිවේදනය කරන සහ අභියෝගවලට මුහුණ දෙන ආකාරය වේගයෙන් වෙනස් කරමින් පවතින බවය.
එය මානව ඉතිහාසයේ සිදුවන දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් ලෙස හඳුන්වා දිය හැකි බවද අග්රාමාත්යවරිය ප්රකාශ කළාය.
පසුගිය තාක්ෂණික පරිවර්තනවලදී ශ්රී ලංකාව බොහෝවිට අනෙකුත් රටවල සිදුවූ වෙනස්කම් දෙස බලා ඒවාට අනුවර්තනය වීමට උත්සාහ කළ බව සඳහන් කළ ඇය, මෙවර තාක්ෂණික පරිවර්තනයේදී ඉදිරියෙන් සිටීමට ශ්රී ලංකාවට හැකියාව පවතින බවද,
ඒ සඳහා කෘත්රිම බුද්ධිය පිළිබඳ අවබෝධයක් සහිත නව පරපුරක් නිර්මාණය කිරීම අවශ්ය බව ඇය වැඩිදුරටත් සඳහන් කරාන ලදී.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




