කලාපයේ පවතින විවිධ ප්‍රශ්න මත ඉන්දු පකිස්ථාන් තරගය නොපැවැත්වීමේ තත්වයක් පැවතියද රජය විවිධ මැදිහත්වීම් සිදු කළ අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස මෙම තරගය පැවැත්වීමට හැකි වී ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

ඒ ඊයේ (10) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් රටක් වශයෙන් සතුටුවන බව පැවසූ අමාත්‍යවරයා කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කර ගැනීමට හැකි වන බවත් රටවල් අතර සහයෝගීතාවය, මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට මැදිහත්වීමට අවස්ථාවක් සැළසෙන්නේ නම් එය නොපිරිහෙළා ඉටුකිරීමට සූදානම් බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම මෙම ක්‍රිකට් තරගයට සහභාගීවීමට සියලු කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවට ආරාධනය කරන බව මෙන්ම රජය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු වගකීම් දරන බවද එතුමා අවධාරණය කළේය.

සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>